Colombo Today Local News

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

නීති විරෝධි හෙරොයින් මිලිග්‍රෑම් 1250කින් යුතු හෙරොයින් පැකට් පනස් දෙකක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් පසුගිය දා ඔක්කම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සාමදාන විනිශ්චයකාරවරයෙකු බව අනාවරණය වී තිබේ.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික වන බව පොලිසිය පවසයි.

සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වන්නේ දැයි සොයා බැලීම සඳහා පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.

සැකකරු හා නඩු භාණ්ඩ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මොනරාගල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමාන්ත දීපාල් විජේසේකර, සහකාර පොලිස් අධිකාරි ගාල්ලගේ මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේෂ් රත්නායක,පොලිස් සැරයන් (55614) තිලකසිරි , (61866) සඳකැලුම් , පොලිස් කොස්තාපල් (71782) නිමල්,(95062) සුනිල්, (88489) මුදාරෆ්,(8960) සුබුනන් යන නිලධාරිහු වැටලීම සිදුකර ඇත.

Related posts

සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් ගංජා දමා පලා යයි

Admin

දුමින්ද,අමරවීර ඇතුළු ශ්‍රිනිප මංත්‍රී කණ්ඩායම හෙට අනුරාධපුරයේදී ගෝඨාගේ වේදිකාවට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

colombotoday

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday

බෙලිඅත්ත රේල් පාර හැදුවෙ අපි, මහින්ද නම දාගන්න හදනවා…

colombotoday

බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් දියේ ගිලී මරුට

colombotoday