Colombo Today Local News

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාසය අසල මාර්ගයේ සිදුකළ වැටලීමකින් කොළඹ උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05)දින රාත්‍රී 8.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරිය හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 50,000ක මුදලක් ද සමග අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 25 ක් වු කොළඹ 14, ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (06) දින මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

colombotoday

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

Admin

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු

Admin

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

colombotoday