Colombo Today Local News

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් කිසිවිටෙකත් බලපෑම් කළේ නෑ – යුධ හමුදාපති මහේෂ් සේනානායක දැන් කියන කතාව

අප්‍රේල් මාසයේ 26 වැනිදා ඉෂාන් අහමඞ් කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා. දෙහිවල ප්‍රදේශයේදී ඒ අවස්ථාවේදි මට ඇත්ත වශයෙන්ම මතක නෑ. එදාමද ඊට පස්සේ දවසේද කියන එක ගරු රිෂාඞ් බදියුදීන් ඇමතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. මගේ අංකය සෑම කෙනෙක්ම දන්නවා ඇමතිතුමා මම අඳුනනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීවරුන් මම බොහෝ දෙනෙක්ව යුධ හමුදාපති හැටියට දන්නවා රටේ ජනතාවත් දන්නවා ඒ නිසා එ අය පෞද්ගලිකව මට කථා කරනවා මේ සිද්ධිය පමණක් නෙවෙයි.

වෙන දේවල් වලටත් මාත් එක්ක කතා කරලා තියනවා එදින එතුමා මගෙන් කථා කරලා ඇහැව්වා මේ කියන පුද්ගලයගේ නම අහලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේදී මම කිව්වා එහෙම කියන්න දන්නේ නෑ විශාල ක්‍රියාන්විත රට පුරාම සිදුවෙනවා මම එ ගැන සොයා බලා ඔබ වෙත දැනුවත් කරන්නම් කියලා එ වේලාවේ ගියපු විදියට ඊට පස්සේ දෙවැනි වතාවේත් මට කථා කරාම මම කිව්වා තවමත් මම සොයනවා මට උත්තරයක් මේ වේලවේ දෙන්න බෑ කියලා. ඒ අවස්ථාවේදි මම යුධ හමුදාවේ බුද්ධි අංශය විශේෂ බලකාය තමා රාජකාරී කළේ කොළඹ ප්‍රදේශයේ ඒ අයවලු‍න්ගෙන් අසා සිටියා මෙහෙම නම තියන පුද්ගලයෙක් අත්අඩංගුවට අරන් තියනවද කියලා. මට තහවුරු වුනා පුද්ගලයා අරගෙන තියනවා කියලා. නැවත වතාවක් සවස්වරුවේ එතුමා කතා කරපු වේලාවේදි මම කිව්වා ඔහු අත්අඩංගුවට අරන් තියනවා එතුමා මේ කොල් එක දෙන්න ඕනා ඇත්ත වශයෙන්ම තව අවුරුදු එකහාමාරකට පස්සේ කියලා.

මම එක ඉතා සුහදව සාකච්ඡාවක් ඒ වේලාවේ මම කිව්වා මම එතනදි අදහස් කළේ , ඒ කියන බලතල අනුව මට තියෙන පැය 24 ක් ඇතුළතදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ඕනම අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක් හෝ ශ්‍රී ලංකා පොලිසියට භාර දිය යුතුයි මම භාර දුන්නට පස්සේ මම දන්වා තියන බලතල අනුව ඔහුව පරීක්ෂණ කටයුතු සඳහා වසර එකාහාමාරක් දක්වා වුවත් ඒ වේලාවේ තබා ගැනිමට හැකියාව තියන නිසා.

කිසිම වේලාවක එතුමා මට බල කිරීමක් කළේ නෑ. මගෙන් අසා සිටීමක් කළා එය සමහර අවස්ථාවලදි මම එක පාවිච්චි කරලා තියනවා ඉල්ලීමක් කරා කියලා. තුන්වෙනි අවස්ථාවේදිත් එතුමා මට කතා කරලා කිව්වා මේ පුද්ගලයා එතුමා යටතේ වැඩ කරන යම් කිසි උසස් නිලධාරීයෙක්ගේ පුතෙක් එම නිසා පොඞ්ඩක් හොයලා බලන්න මට මොකද්ද කරන්න පුලු‍වන් කියලා එහෙම නැතුව කිසිම අවස්ථාවදකදී ඇමතිතුමාවත් කිසිම දේශපාලඥයෙක් හෝ නිලධාරීයෙක් රජයේ සේවකයෙක් මේ දක්වා කිසිම බලපෑමක් කරලා නෑ අත්අඩංගුවට ගැනිමට හෝ අත්අඩංගුවට ගත් අයවලු‍න්ව නිදහස් කරන්න කියලා.

ප්‍රශ්නය – මැති අමැතිවරු කවුරුත් කතා කරලා නැද්ද ?

එහෙම කථා කරලා නෑ. කතා කලත් අපි ආරක්ෂක අමාත්‍යාංශයේදි අපි සාකච්ඡා වෙනවා. මෙහෙම කට්ටියගේ නම් කියලා ඉතින් එහෙම නම් කියපුවම අපි හොයලා බලනවා කවුද කියලා එහෙම නැතුව කිසිම අවස්ථාවක සහතික වෙන්න පුලු‍වන් මට බල කිරීමක් කිසිම කෙනෙක් කළේ නෑ විශේෂයෙන්ම මේ කියන ඇමතිතුමා මේ විෂය ගත්තු නිසා මම කියන්නේ මට කිසිම අවස්ථාවක බල කළේ නෑ.

Related posts

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday

අධ්‍යාපනය නංවන්න ඇමති අකිලගෙන් තවත් සුපිරි වැඩක්.. අම්මලාගේ පීඩනය අඩු කරන්න සාරියේ බර හෑල්ලු කරන්න තීරණයක් ගනී

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියට

colombotoday

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

colombotoday