Colombo Today Local News

හිටපු අමාත්‍ය රාජිත ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, එම පෙත්සම ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුවය.

අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ ඇපය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් එම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

පෙත්සම අද (30)දින කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට ඇප මත මුදා හැර ඇති බවය.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුනි.

Related posts

අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටි

Admin

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

colombotoday

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

colombotoday

මීළඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ – සුබ්‍රමිනියම් ස්වාමිගෙන් අනාවැකියක්

colombotoday