Colombo Today Local News

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

සිංහල පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා රාජ්‍ය විරෝධී කි‍්‍රයාවල නිරත වූයේ යැයි කියන මුස්ලිම් ජාතික තරුණයකු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය.

කොළම මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා ප‍්‍රශ්න කොට විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කොට තිබූ ජම්ලි ජුනාර් අනිෆ් මොහොමඞ් ස්මයිල් නමැත්තකු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මරදාන ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන එම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් අංකයක් උපයෝගි කර ගනිිමින් ඉෂාර හර්ෂණ වන්නිනායක යන නමින් අන්තර්ජාලය ඔස්සේ ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා අයිඑස් අයිඑස් සංවිධානයේ තොරතුරු හුවමාරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසිය පෙන්වා දුන්නාය.

සිය බිරිඳගේ පියා කොළඹ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවක් පෙන්වා දෙමින් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගෙන ඇති සැකකරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලිපි ශීර්ෂ යටතේ පුද්ගලයන් රැසකට ලිපි නිකුත් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

Related posts

බෝඩිම් කාමරයක සැකකටයුතු මළසිරුරක්

Admin

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

රත්නපුරේ නාය යාමක්

colombotoday

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday