Colombo Today Local News

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

කුමන තත්ත්වයක් යටතේ හෝ හමුදා පාලනයක් ගෙන ඒමට කටයුතු නොකර බවත් එයට කිසිම ඉඩක් නොමැති බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවැසීය.

“රටේ සාමාන්‍ය නීතිමය ප්‍රශ්න ඇතිවුණ විට අපි ඒකට යොදන්නේ පොලීසිය. පොලීසියට භාර දී තිබෙනවා නීතිය හා සාමය ආරක්ෂා කරලා රටේ ජනතාවට සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් ඇති කර දෙන්න.

යම්කිසි කලබල තත්ත්වයක් ඇතිවෙලා පොලීසියට ඒක පාලනය කරන්න බැරිනම් ඒකට යොදවනවා අපි පොලීසියේ විශේෂ කාර්ය බළකාය.

රටේ පාලනය කරන්න බැරි තත්ත්වයක් ඇතිවුණොත් විතරයි හමුදාව යොදවන්නේ. ඉතින් මේ ගැන කිසිම කලබලයක් වෙන්න ඕන නෑ. හමුදා පාලනයක් ගෙනියන්න කිසිම අදහසකුත් එහෙම වෙන්නෙත් නෑ.

කවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉදිරියට ගෙනි යනවා. කිසිම කෙනෙකුට හානියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ඇති කරනවා.”

Related posts

අන්තර්ජාල වේගයන් මන්දගාමීයි. | විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කරන්න

colombotoday

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

2019 අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි..

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin