Colombo Today Local News

හමුදා නිලධාරීන් ධුරවලින් නෙරපන්නැයි මානව හිමිකම් කොමසාරිස්වරිය රජයට දන්වයි…

යුද්ධයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසත්, මානව හිමිකම් උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් ධුරවලින් පහකිරීමේ නීති කෙටුම්පත් සකස් කරන ලෙසත් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශී‍්‍ර ලංකා රජයට දන්වා ඇත.

 මේ හැර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සම්බන්ධ කාර්යාලයක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කරන ලෙසද ඇය වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

 යුද්ධයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීම සඳහා රජයේ අමාත්‍ය ස්වාමිනාදන් මහතා විසින් මෙයට පෙර ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය ලැබී තිබේ.

 මෙම වන්දි ගෙවීමට අති විශාල මුදලක් වැය වන බව රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

දිවයින

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday