Colombo Today Local News

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බව ද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද සාකච්ඡා කෙරිණ.

Related posts

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙර්

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

colombotoday

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

ඇලෝසියස්ට බන්ධනාගාරයේ සුපිරි සැප… H වාට්ටුවේ සිට දේශපාලන ප්‍රබලයන් සමග දුරකතන සාකච්ඡා

colombotoday