Colombo Today Local News

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

1700747132saudi2

සෞදි අරාබියේදී විවිධ චෝදනා වලට ලක්ව මරණ දඩුවමට නියමව සිටින පුද්ගලයන් 50 දෙනෙකුට පමණ අද එම දඩුවම ක්‍රියාත්මක කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ. එම පනස් දෙනා අතර ගල් ගසා මරා දැමීමට නියමව ඇති ශ්‍රී ලාංකික ගෘහ‍ සේවිකාව නොමැති බව සෞදි අරබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් පවසයි.

බීබීසී ලෝක සේවය සමග අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධව නීතිමය කටයුතු තව දුරටත් ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කිහිපය තුළ අදාල කාන්තවා හමුවීම සදහා තානාපති නිලධාරීන්ට අවස්ථාවක් ලබා දී ඇති බවයි.

එම කාන්තාවගේ දඩුවම සම්බන්ධයෙන් රියාද් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අභියාචනය පිළිබද මෙතෙක් ප්‍රතිචාර ‍ලැබී නොමැති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසූ බව දෙරණ මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුණා. මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා සමග අදාළ කාන්තාවට ලබාදී ඇති දඬුවම ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වනවා.

මේ අතර රාජිත සේනාරාත්න අමාත්‍යවරයා ඊයේ පවසා තිබුණේ සෞදියේ මරණ දන්ඩයට නියමව සිටින ශ්‍රී ලාංකික කාන්තාව බේරා ගැනීම දුෂ්කර කාර්යයක් බවයි. සෞදි රජය ගන්නා තීන්දු තීරණ වෙනස් කිරීම අපහසු බවත් ඒ සදහා එරට රජයට මෙන්ම ආගමික නායක කවුන්සිලය දක්වාම කා කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.

Related posts

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ආපදා සහන සේවයේ (Photo)

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා කෙරේ

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රදීප් අමිර්තනායගම් පත්කරයි

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday