විවිධ හේතූන් මත නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදාවට භාරවීමට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි පියවර ගෙන තිබේ.
ඒ අනුව 2020 පෙබරවාරි 05 වනදා සිට දින 7ක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පොදු සමාකාලය අදාළ වන්නේ 2019 – 09 – 30 දිනට පෙර සේවය හැර ගිය සාමාජිකයන් සඳහා පමණි.