Colombo Today Local News

සේනා දළඹුවා මඩින්න සෙවනගල ගෙවිලියක් පළිබෝධනාශකයක් හදයි…

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඉතා සාර්ථක දේශීය රසායනික ඔෟෂධයක් නිෂ්පාදනය කිරීමට සෙවණගල, මහගම, සමඟිපුර ප්‍රදේශයේ ගෙවිලියක් සමත් වී සිටී.

සෙවණගල, මහගම අංක 77, සමාධිපුර පදිංචි ඩී.එල්.ජී. ශ්‍රියානි මහත්මිය මෙම ඔෟෂධය නිපදවා ඇත. ඇය විසින් වගා කර ඇති බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් හානි පැමිණීම හේතුවෙන් දේශීය ඔෟෂධ කොළ එකතු කර කොටා දවසක් ජලයේ බහා තබා පසුව එය මිරිකා රැගෙන ලීටර් 16 කෘෂි රසායනික යොදන ටැංකියකට සාදා ගන්නා ලද රසායනික ඔෟෂධ අවුන්ස 08ක් පමණ යොදා ජලයේ කලවම් කර ඉරිඟු ගසේ ගොබය තුළට එකී ද්‍රව්‍ය කාවදින පරිදි රසායනික ඔෟෂධය යොදා ඇත. විනාඩි 30ක පමණ කාලයක් තුළ දළඹුවන් සියල්ල මියගොස් බිම වැටී ඇත. ඒ අනුව ඇය පැරකුම් ගොවි සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ට සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මෙම ඔෟෂධය ලබාදීමට කටයුතු කර ඇත.

පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ආර්. එම්. විජේරත්න මහතා කියා සිටියේ සේනා දළඹුවා මර්දනය කළ නොහැකි බවට පැතිර ඇති කතා අනුව මෙම ඔෟෂධය සාර්ථක නිෂ්පාදනයක් වන බවය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය දැනුවත් කළත් ඒ පිළිබඳ ඔවුන් එපමණ උනන්දුවක් දැක්වූයේ නැහැ. ජනාධිපතිතුමා හා කෘෂිකර්ම ඇමැතිතුමාගේ අවධානය මේ ගැන යොමුවෙයි කියලා මම හිතනවා.

මෙම පළිබෝධ නාශකය නිෂ්පාදනය කරල තියෙන්නේ දේශීය කොළ වර්ග යොදාගෙනයි. පරිසර හිතකාමී ඔෟෂධයක් ලෙස මෙය වගාවට යෙදිය හැකියි. රජයේ හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර මෙම ඔෟෂධය වැඩිදියුණු කර ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා නම් ලොකු දෙයක්.

Mawubima

Related posts

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

බදුර්දීන්ගෙන් “සතොසට“ ජාතිවාදී පත්වීම්.. මුස්ලිම් ජාතිකයන්ට තැන දී, සුදුස්සන් කුණු කූඩයට විසි කරයි !

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

සාම්පූර් සිද්ධියේ වරද හමුදාවට පැටවෙයි! ඇමති පිරිසක් හමුදාවට එරෙහිව අගමැතිට ගතු කියයි.. වහාම වාර්තාවක් කැදවයි

colombotoday

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

colombotoday