Colombo Today Local News

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කළ චන්දන සූරියබණ්ඩාර මහතා එම තනතුරින් ඉවත්කර ස්ටයින් මැදිරි සංකීර්ණයේ ප්‍රධානියා ලෙස පත්කර ඇත.

මේ අතර, සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුසාර දිනාල් පත්කර ඇති අතර, ඔහු සිරස නාලිකා ප්‍රධානියා ලෙසද පත් කර ඇත. MTV/MBC ඉහල පුටුවක සිටින කාන්තාවක් මේ සඳහා තිරය පිටුපස විශාල කාර්යභාරයක් සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

MBC ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කල ලක්ෂ්මි ජයසිංහ මෙනවියද එම තනතුරින් මහාරාජා සමූහ ව්‍යාපාරය සතු රූපලාවන්‍ය අලෙවි ආයතනයකට මාරුකර යවා ඇති අතර MBC සමුහ අධ්‍යක්ෂිකා ලෙස ශාන්ති බගිදරන් පත්කර ඇත.

ජනාධිපතිවරයාට අවමන් සහගත ලෙස කතා කිරීම හේතුවෙන් සිරස මධ්‍යජාලයෙන් ඉවත් කල බවට සඳහන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මේ වනවිට මහාරාජා ප්‍රධාන කාර්යාලයේ සිට වැඩ කටයුතු සිදු කරමින් සිටියි.

LMRB ශ්‍රේණිගත කිරීම්වල මහාරාජා සමුහ ව්‍යාපාරයට අයත් සියලුම නාලිකා ඉතා පහලට ඇද වැටී ඇති අතර එම සමීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආයතන හිමිකරු කිලී මහරාජා මීට පෙර කටයුතු කර සිටියේය.

Related posts

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

ඉන්දීය ගිලන් රථ ආ දවසේ ශ්‍රී ලාංකීය අභිමානය ඔලුවෙන් හිටවලා !

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

colombotoday

ඥාණසාර හිමි ගැන තීරණයක් ගැනීමට බුද්ධ ශාසන ඇමති ජනපති හමුවෙයි

colombotoday