Colombo Today Local News

සුදු වෑන් වලින් පැහැර ගත් අය කෑමට දමා ඇත්තෙ මිනී මොරුන්ට නොව ගැට කිඹුලන්ටයි… අලුත් නළුවෙකු සමග රාජිත කරළියේ !

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී සුදු වෑන් යොදා ජනතාව පැහැරගත් බවත්, එම පැහැර ගැනීම්වලට සම්බන්ධ රියැදුරෙකු බව කියන පුද්ගලයෙකු ඇමති රාජිත සේනාරත්න මහතා සමග අද මාධ්‍ය හමුවකට පෙනී සිටියේ ය

එම පුද්ගලයා මාධ්‍ය අමතමින් කියා සිටියේ එසේ පැහැර ගත් අය දත් ගැලවීම, නිය ගැලවීම, උල් ආයුධවලින් ඇනීම ආදී වද හිංසා කල බවයි. පසුව මරා දමන බවත් එම පුද්ගලයන් බඩ කපා කිඹුලන්ට කෑම සදහා වැවකට දැමූ බවත් ඔහු සදහන් කලේය.

ඇමතිවරයා සමග මාධ්‍ය හමුවට සහභාගි වූ තවත් පුද්ගලයෙකු කියාසිටියේ ප්‍රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආවේ තමන් බවත් එම සල්ලි දුන්නේ නැතැයි කියා තමන් පැහැර ගැනීමට ලක් වූ බවය.

මෙම පැහැරගැනීම්වලට පොලිසිය, හමුදාව ඇතුළු ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් සිදු කල බවද ඔවුහු පැවසූය.

අවස්ථා කිහිපයකදීම සේනාරත්න මහතා විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට විවිධ උපදෙස් දෙමින් මාධ්‍ය හමුව මෙහෙයවනු දැනට ලැබිණ.

අදාළ පුද්ගලයන් දෙදෙනා පවසන ආකාරයේ අපරාධ සිදුවී ඇත්නම් කළ යුත්තේ ඔවුන් දෙදෙනා නීතිය හමුවට පමුණවා එම සාක්ෂී අනුව අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. එහෙත් මාධ්‍ය හමුව අවසානයේ එම පුද්ගලයන් දෙදෙනා අමාත්‍යවරයා සමග එම ස්ථානයෙන් පිටව යනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් මීට පෙර දේශපාලන වේදිකාවේ චෝදනා එල්ල වූයේ සුදු වෑන් වලින් පැහැරගත් අය කෑමට දැම්මේ ගෝඨාභය රාජපක්ෂ මහතා සුරතලයට ඇතිකළ මිනී මෝරුන්ට බවයි.

ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා විසින් මේ ආකාරයේ කටයුත්තකට සූදානම් වන බවත් ඔවුන් සඳහා කෝටි ගණනක මුදල් ගෙවීමක්ද සිදුකර ඇති බවත්ය.

Related posts

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

පාසල් ඇරඹිමත් සමග සිසු සැරියත් ක්‍රියාත්මකයි..

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday