Top StoriesWorld

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අල්ලාගත් බවත් ඉන් පිරිසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය අද (22) වාර්තා කළේය.

සැකකාර ඔත්තුකරුවන් සමඟ සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ද ඉරාන මාධ්‍ය අද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඇතැම් අයගේ ඡායාරූප ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය ද කෙරුණි.
කෙසේ නමුත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත

සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉරානය පසුගිය ජූනි මාසයේදී නිවේදනය කළ අතර ඉරානය අද ප්‍රසිද්ධියට පත් කළ පිරිස හා ඔවුන් එකම පිරිසක් ද පැහැදිලි නැත.

මේ වනවිට මාස තුනක් මුළුල්ලේ සිට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර එවැනි මොහොතක ඉරානය මෙලෙස සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන් හා ඔත්තුකරුවන් අල්ලාගත් බව නිවේදනය කළේය.

ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව ඉරානයට සම්බාධක ද පැනවීය.

Related posts

උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක් – 12ක් මරුට

Admin

හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා හොර රහසේම තලේබාන් නායකයා හමුවෙලා !!

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

colombotoday

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday

තලේබාන් ඉස්ලාමිය ත්‍රස්තයින් කාබුල් අගනගරයට ඇතුල් වෙයි.

colombotoday