Colombo Today Local News

සීඅයිඩීය මට හොඳටම ගහලා හිස්‌ කොළයකට අත්සන් ගත්තා, මට කොණ්ඩයා කීවේ මාධ්‍යයි – දුනේෂ් ප්‍රියශාන්ත

තමා සේයා දැරියගේ ඝාතනය සම්බන්ධව වගකීම භාරගනිමින් රහස්‌ පොලිසියට පාපොච්චාරණයක්‌ සිදු නොකළ බවත් සිදුවූයේ රහස්‌ පොලිසිය විසින් සිදුකළ පහරදීම් ඉවසිය නොහැකිව ඔවුන් විසින් ලබාදුන් හිස්‌ කොළයකට අත්සන් තැබීමක්‌ බවත් කොණ්‌ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත ඊයේ (23 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඇප මත මුදාහරිනු ලැබූ දුනේෂ් මරදාන සමාජ හා ස්‌වාධීන කේන්ද්‍රයේදී ඊයේ (23 වැනිදා) සවස මාධ්‍ය හමුවකට එක්‌වෙමින් වැඩිදුරටත් මෙසේ ද කීවේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාව මහමඟදී අත්අඩංගුවට ගත්තේ මගේ කකුල් දෙකට පහර දීලා, බිම දමා ඔළුවට පොහොර උරයක්‌ දාලා, මගේ මුහුණ වසා දමමින්. ඊට පස්‌සේ ජීප් රථයක දමාගෙන අරගෙන ගියා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මට වයර්වලිනුයි බටවලිනුයි පහර දුන්නා.

මට කොණ්‌ඩයා කියලා කවුරුත් කියලා නැහැ. ඒක මාධ්‍ය විසින් පටබැඳුණු නමක්‌. මම අපරාධයක්‌ කරලා නැහැ. කෙසේ වෙතත් එදා සිදුවීම වූ දිනයේ තමාත්,අයියාත්,මස්සිනාත් නිවසේ මත්පැන් පානය කොට රාත්‍රී ආහාරය ගෙන නිදාගත් බවත්, රාත්‍රී10.30 ට හෝ 11.30ට පමණ අයියා තමාගේ ඇඟටද උඩින් පැන කොහේදෝ යන්න ගිය බවත්, ඔහු කොහේ ගියේදැයි කුමකට ගියේදැයි තමන් නොදන්නා බවත් දුනේශ් ප්‍රියශාන්ත මෙහිදී පැවසීය.

Related posts

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

colombotoday

මනෝ ගනේෂන් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර මැතිවරණ නීති කඩ කරමින් පත්වීම් දෙයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞ. බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්

colombotoday

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin