Colombo Today Local News

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.

මෙම හමුව පැවැත්වුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දින කිහිපයක් තිස්සේ යෙදී සිටි සිය ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය.

මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.

Related posts

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

වීසා ගැන ඇමති ටිරාන් අලස්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin