දකුණු ලක උගත් විනයධර මහා තෙර නමකව වැඩ විසූ කලල්පිටියේ ශ්රී හේමාලෝක නාහිමියෝ වසර එකසිය එකක් ආයු විද පසුගිය 29 වැනිදා අපවත්වූහ.
අපවත්වන විට අක්මීමන පින්නදූව ශ්රී සද්ධර්මෝදයාරාමාධිපති හා ඇමරිකාවේ ලාස් වේගාස් බෞද්ධ විහාරය, කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක විහාරද්වයන්හි අනුශාසක ධුරය හෙබවීය.
1918 ජනවාරි මස 25 දින මෙලොව ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1930 පැවිදි බිමට පිවිසියහ. ඇමරිකාව, තායිලන්තය, ඉන්දියාව ඇතුලු රටවල් රැසක උන්වහන්සේ ධර්ම ප්රචාරක කටයුතු සදහා වැඩම කලහ.
නාහිමි ශ්රී දේහය පිළිබද අවසන් කටයුතු පෙබරවාරි 3 සෙනසුරාදා සවස 3ට ගාල්ල කුරුදුවත්ත ක්රීඩාංගණයේදී සිදුකෙරේ.