Colombo Today Local News

සැකකරුවෙකු අත්අඩංගුවේදී මිය යාම – පූගොඩ පොලිසියේ සැරයන්වරයෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

පසුගියදා පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු පසුගිය 11 වනදා මෙලෙස අත්අඩංගුවට ගත්තේය.

මෙලෙස අත්අඩංගුවේ සිටියදී හදිසියේ අසනීප වූ ඔහු, පූගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාගම රෝහලට මාරුකර යැවු අතර එහිදී මෙම පුද්ගලයා මියගොස් තිබූණි.

ඔහුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණේ තම සැමියාට අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී තිබූ බවයි.

Related posts

බෝම්බ අත්හදා බැලීමකදී තුවාල වූ සහරාන්ගේ මල්ලී කොළඹ ගෙන්වා ප්‍රතිකාර කිරීමට හකීම්ගේ සහය…

colombotoday

අඩු ආදායම් ලාභීන්ට නිවාස සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Admin

රථගාය හැදුනු එජාප ප්‍රබල මන්ත්‍රී මහපාරේ පිස්සු නටයි (Video)

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

ඩයනාට එරෙහි පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කරයි

Admin