Colombo Today Local News

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන තිබු සාහුල් හමීඞ් හිස්බුල්ලා යන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී තිබෙනවා.

සැකකරු පසුගිය ජුනි මස 15 වැනිදා වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැලිමඩ සිල්මියාපුර පදිංචි 21 හැවිරිදි මෙම සැකකරු මොහොමඞ් සහරාන් නමැති අය සමග හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණුවීම් හා අවි පුහුණුව ලබා ඇති බවට අනාවරණ වී තිබුණා.

ඒ අනුව එම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදුන් බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

Related posts

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday

පිටිකිරි-දියර කිරි නිෂ්පාදනයතවත් පහළ බහී

colombotoday

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි.. කොලොන්නාව තෙල් ගබඩාව හමුදාව යටතට !

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday