Colombo Today Local News

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

පැහැර ගැනීමට ලක් වූයේ යැයි කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගාලියාර් බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ශ‍්‍රී ලාංකික කාන්තාවට පනවා තිබූ අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගය ලබන 17 වැනිදා දක්වා දෙවන වරටත් දීර්ඝ කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (12 දා) නියෝග කළාය.

එම පැහැර ගැනීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත්, අද (13 දා) දිනයේදී ද ඇය ප‍්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

එමෙන්ම ගාලියාර් බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැත්තිය මේ වන විට අසනීපයෙන් පසුවන බැවින් ඉදිරි ප‍්‍රකාශ ලබාගැනීම් කොළඹ ස්විස් තානාපතිවරයාගේ නිල නිවසේදී සිදුකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය. එම ඉල්ලීමට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විරුද්ධත්වය දක්වනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ උපුල් කුමාරප්පෙරුම

එකී විමර්ශන කටයුතු සහ එකී පැහැර ගැනීමට අදාළ තොරතුරු විකෘති කරමින් විමර්ශනවලට බාධාවන ආකාරයෙන් මාධ්‍ය හමුවේ සිදුකරන විවිධ ප‍්‍රකාශ හා එකී කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමට එල්ල වී ඇතැයි කියන තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින තමන් ඇතුළු නීතිඥ කණ්ඩායමට විවිධ කණ්ඩායම් විසින් විවිධ බලපෑම් හා තර්ජන එල්ල කරන බවත්, එවැනි තර්ජන මත තමන් එම නඩු කටයුත්තෙන් ඉවත් වීම සිදුවුවහොත් එමගින් ජාත්‍යන්තරය තුළ දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපයට දැඩි හානියක් සිදුවිය හැකි බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ඊයේ (12 දා) අධිකරණය හමුවේ පැවසීය.

එවැනි බලපෑමක් එල්ල වී ඇති නම් එය ඉතා බරපතළ කරුණක් බව පැවසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ද දැනුම් දුන්නාය.

මයික් එකක් දුටුවිට පිස්සු හැදුනා සේ දඟලන සමහර නීතිඥවරුන් අධිකරණයට ඇඟිලි දිගු කරමින් කරන ප‍්‍රකාශ යුක්තිය පසිඳලීමේ කටයුත්තට දැඩි බාධාවක් මෙන්ම අධිකරණයට අපහාසයක් බව පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එබැවින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙන්වා දුන් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ගාලියාර් බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැති එම කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. ඇය එවැනි වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කොට ඇගේ මානසික තත්ත්වය පිළිබඳ වෛi වාර්තාවක් ලබා ගැනීම වඩා සුදුසු බවට ඇය පරීක්‍ෂා කළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් නිර්දේශ කොට තිබීම කෙරෙහි අවධානය යොමු කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය කළාය.

දින තුනක් තිස්සේ ඇය ලබාදුන් ප‍්‍රකාශ අනුව හෙළිකරගත් තොරතුරු ඔස්සේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව මෙතෙක් සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

විමර්ශනවල වැඩිදුර ප‍්‍රගතිය ලබන 17 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අධිකරණයට නියෝග කළාය. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමඟ සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ අමිල එගොඩමහවත්ත, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළේය.

Related posts

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

22 ගැසට් කරයි

colombotoday

කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 පාස් ප්‍රසන්න ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday