Colombo Today Local News

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ සොහොයුරාගෙන් සහ සොහොයුරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා ප්‍රකාශ ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට පැමිණි බව වාර්තා වේ.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අතුරුදන් වී අද (30)ට දින 08කි.

අද දිනය වන විටත් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසීයට හැකි වී නැත.

ඊයේ (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නියොජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ, දූෂිත බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමේ නීතිපතිවරයාගේ කාර්යභාර්යට පොලිස්පතිවරයා කිසිදු සහයක් නොදක්වන බවය.

හෙට (31) දිනට පෙර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නොහැකිනම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණයට කැඳවිය යුතු බව සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.

රජයේ නීතිඥයා මෙහිදී පැවසුවේ, බන්ධනාගාර ආශ්‍රිතව “ක්‍රිමිනල් එන්ටර්ප්‍රයිසස්” එකක් පවත්වාගෙන ගොස් ඇති සම්පායෝ දූෂණ ධූරාවලියේ බැබළෙන තරුවක් බවය.

එවැනි පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරයා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලීසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

Related posts

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

Admin

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනයක් පිහිටුවීමට අනුමැතිය

Admin

බිරිඳ සහ බාල පුතුගේ බිරියට කැත්තකින් කොටා ගෙල වෙන් කළ මළ සිරුරු දෙකක් මිදුලේ..

colombotoday

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමට ගිය සැකකරුවන් තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday