Colombo Today Local News

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව ඔහු පවසයි.

ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක්ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගතවී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතරවෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින්ම අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

සියලු අධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහාම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව ඔහු පවසයි.

Related posts

පොහොට්ටු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නෑ !

colombotoday

දැයට සෙත පතා අසදෘස රුවන්වැලි මහා සෑ රදුන්ට චීවර ලක්ෂයක් පූජා කෙරෙන වගයි (Video)

colombotoday

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin

විශ්වාසභංගයේදී මන්ත්‍රීලා සල්ලිවලට විකිණිච්ච හැටි ඇමති දයාසිරි හෙළිකරයි

colombotoday

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

Admin