Colombo Today Local News

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

Ranil-speechඇමෙරිකානු මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාමේ ඉඩකඩක් පවතින බැවින් සහ චීන ආර්ථිකයේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට අවාසිදායක ගෝලීය මූල්‍ය පරිසරයක් ගොඩනැගෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය පස්වනදා සිය රජයේ ඉදිරිකාලීන ආර්ථික ප්‍රතිපත්තිය හා මුල්‍ය වැඩපිළිවෙල එළිදක්වමින් පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කලහ.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වසරින් වසර පහත වැටෙන බවත්, 2000 වසරේදී අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් වූ අතර එය 2014 වන විට 15% දක්වා 50%කින් පහත වැටී තිබෙන බවද, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 43%ක ඉපයීම දිනකට ඇමෙරිකානු ඩොලර් 2කටත් වඩා පහත මට්ටමක පවතින බවද ඒ මගින් රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවය මනාව පෙන්නුම් කරන බවද අගමැතිවරයා පෙන්වා දුන්හ.

පසුගිය රජයේ ඒක පුද්ගල ආදායම් ඉහළ ගොස් ඇති බවට පුරසාරම් දෙඩුවද සැබෑ සංඛ්‍යා ලේඛණ වඩාත් තැතිගන්වන සුළු බවද අගැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියහ.

Related posts

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී…

Admin

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

දේශයේ මුර දේවතාවුන්ගේ අඩවියේ දැන් අපි සැපෙන් සුවෙන්… ලක් අම්මේ ඔබේ ආදරය අප හඩවනවා – වූහාන් සිට ආ සිසුවෙක් දියතලාව කදවුරේ සිට කියූ සංවේදී කතාව

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday