Colombo Today Local News

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

මේ වසරට අදාළව වෙන් කර ඇති ණය සීමාවට පරිබාහිරව තවත් රුපියල් බිලියන 310 ක ණයක් ලබාගැනීම සඳහා අවසර දීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. විසර්ජන පනතට ඇතුළත් කර තිබෙන ණය සීමාවට පරිබාහිරිව මෙම රුපියල් බිලියන 310 ක ණය ඉල්ලීම කර ඇත.

මෙම වසරට අදාළ වියදම් පියවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය මෙම අමතර ණය මුදල ලබාගැනීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

අදාළ යෝජනාව ලබන 5 දා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සඳහා අමතර පරිපූරකයක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

Related posts

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

ජනපති අද සමුළුව අමතයි

Admin

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday