Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අද (20) ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයින් එක්ව සිටි බව සඳහන්.

ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ඉදිරියට යාම මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැතිවරණ ව්‍යාපාරයේ අරමුණ වේ.

මේ අතර අද පස්වරුවේ කුරුණෑගල ප්‍රදේශයේ ජන හමු කිහිපයක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ අතර මෙම සියලු රැස්වීම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වා තිබේ.

Related posts

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

colombotoday

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday