ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඊයේ රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 8 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.