Colombo Today Local News

ශ්‍රී ලංකාවත් අවධානමේ… උපදෙස් පිළනොපැද්දොත් අපේ නගරත් වහන්න වෙයි !

සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් අනිකුත් රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හැඟවීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එමෙන්ම දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මඩකලපුවේ සහ කන්දකාඩුව පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යාමේ කටයුතු අද (10 වැනිදා) සිට ආරම්භ කරන බවද හෙතෙම කීවේය.

එලෙස පැමිණෙන මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පෘශ්ඨීය විෂබීජ හරණයකට ලක්කෙරෙනු ඇත.

ඉන් අනතුරුව විශේෂිත බස්රථ මගින් ඔවුන් එම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවත් එහිදී දින දාහතරක් නේවාසිකව නිරෝධායනයකට ලක්කර ඉන් පිටව යාමට හැකි වෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අන්තවාදී, වහබ්වාදී, ෂබාබ් උත්සවයක ප්‍රධාන දේශනයකට නීතිඥ අලි ශබ්රි ගිහින්

colombotoday

“මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහර දුන්නා.. පොලිසිය බලන් හිටියා” – හකීම් ඉන්දීය මාධ්‍යයට කියයි

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

මහින්ද ට්වීටර් හරහා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියයි.. මෛත්‍රීටත් පණිවිඩයක් දෙයි !

colombotoday