Colombo Today Local News

මහින්ද ට්වීටර් හරහා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියයි.. මෛත්‍රීටත් පණිවිඩයක් දෙයි !

ඛනිජ තෙල් සේවකයන් පවත්වාගෙන යන වැඩවර්ජනය ජාතික සම්පත් විකිණීම පිළිබද වෘත්තීය සමිති විරෝධයක් බවත්, ඔවුන්ගේ සටන මැඩපැවැත්වීම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසදීමට රජය මැදිහත් විය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ සිය ට්විටර් ගිණුම මගින් ඊයේ (26දා) සජීවීව සම්බන්ධ වූ අවස්ථාවේදීය.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න යොමු කිරීහට අවස්ථාව හිමි වූ අතර උදෑසන 11.00 සිට දහවල් 1.00 දක්වා පැය දෙකක කාලයක් ඒ මහතා විසින් අඛණ්ඩව පිළිතුරු ලබා දෙනු ලැබීය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා තමන්ගෙන් ඇසූ ප්‍රශ්න සදහා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබද ඔබ දරණ මතය කුමක්ද ?

මම හිතන විදියට ඒ කාර්යාලය පිහිටු වූයේ දේශපාලන අරමුණක් ඇතිවයි. එයින් යුද විරුවන්ට එරෙහිව කටයුතු කිරීමයි ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ.

ඔබගේ කාලයේදී ඉදිවුණු උමාඔය ව්‍යාපෘතිය ගැන ඔබට කුමක්ද කියන්න තියෙන්නේ ?

මේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ අපේ පාලන කාලයට පෙරයි. මෙම ගැටලුවට අපි තාක්ෂණික විසදුමක් සෙවීමයි කළ යුත්තේ. එහෙම නැතිව එය අත්හැර දැමීම විසදුමක් නෙවෙයි.

වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම වැඩවර්ජන කරමින් මහජනයාට පීඩා පැමිණවීම නීති විරෝධී ක්‍රියාවක් නෙවෙයිද ?
ජනතාව තමන්ගේ හඩ අවදි කිරීමේදී එය මර්දනය කිරීම පිළිතුරක් නෙවෙයි.

ඔබ ඇයි අනෙකුත් ආගමික නායකයන් හමු නොවී මහා සංඝරත්නය සමග පමණක් නිරන්තරයෙන් හමුවීම් කරන්නේ ?

අපි සියලුම ආගමික නායකයන්ගෙන් උපදෙස් ලබා ගන්නවා. ඒ නමුත් ව්‍යවස්ථාව මගින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා කියන කාරණය මතක තබාගත යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයට තරග කළොත් ඔහුට සහාය ලබා දෙනවාද ?

බහුතරය අනුමත කරනු ලැබූ නිවැරැදි අපේක්ෂකයාට සහාය ලබා දෙනවා.

සයිටම් ගැටළුව පිළිබද ඔබගේ අදහස කුමක්ද ?

සයිටම් ආයතනය අනෙක් ආයතන මෙන් රටේ නීති හා කොන්දේසිවලට යටත්. රජය කළ යුත්තේ ආයතනයේ ගිවිසුම් ප්‍රකාර රෙගුලාසි කොන්දේසි සපුරාලීමට කටයුතු සැලැස්වීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබද ඔබ මොකද හිතන්නේ ?

විධායක ජනාධිපති ධූරය දිහා වෙනම බලන්න බැහැ. එය සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ අංගයක් විදියටයි බැලිය යුත්තේ.

වර්තමානයේ රට තුළ උද්ගත වී තිබෙන ගැටලු විසදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම්ද ?

රටේ යහපත වෙනුවෙන් මම ඕනෑම කෙනකු සමග සාකච්ඡා කරන්න සූදානම්.

ඔබ බලයට පැමිණියහොත් හම්බන්තොට වරාය ගිවිසුම අවලංගු කරනවාද ?
ඔව්. එය රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකළ යුතුයි.

Related posts

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

රටට එරෙහි ගතු කේලාම් කියන්නා හිවලෙක් – සුදත්ත හිමියන්ගෙන් කාදිනල්ට පාඩමක්

colombotoday

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක් – අක්කර 50ක් විනාසයි

colombotoday