Colombo Today Local News

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

පෙබරවාරී මස 7 වන දින පැවැත්වීමට දින නියම කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, නියමිත දිනට පැවැත්වීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. අද (17) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වූ ඔහු මේ බව සඳහන් කළේය.

සුමතිපාල මහතා එම අවධානම පෙන්වා දී මද වේලාවකින්, පෙබරවාරී මස 7 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 දක්වා කල් දැමූ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේය. 

Related posts

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

colombotoday

සජිත්ට දැමූ කොන්දේසි ගැන එළියේ කතා කරන්නේ නෑ – රවී කරුනනයක

colombotoday

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday