ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු කරන්නේ තමන් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.
ඒ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාට එක්වන ලෙසට ආරාධනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බවයි.