Colombo Today Local News

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

article-ed5511fa-b44a-4162-85a8-3d74316ed57c-6UrSgjtLX-HSK1-165_634x430ගම් මට්‌ටමේ ශාඛා සංවිධාන ඇතුළු පක්‍ෂයේ ප්‍රති සංවිධාන කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇති අතර, ඒ අනුව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරියක වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවිධාන කමිටුවක්‌ද පත් කර තිබේ.

මෙම ප්‍රතිසංවිධාන කමිටුව මේ වන විට අවස්‌ථා කීපයකදී රැස්‌වී ඇතත් ඊට නම් කර ඇති 20 දෙනෙකු වන සාමාජික පිරිසෙන් ඇතැම් අය කමිටු රැස්‌වීමට සහභාගි නොවීම ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට ගැටලුවක්‌ වී ඇත.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්‌ටමේ සිදුකර පළාත් පාලන ආයතන ශ්‍රීලනිපයට දිනා ගැනීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බව පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස්‌ දී තිබේ.

මේ අනුව ගම් මට්‌ටමේ ප්‍රතිසංවිධාන කටයුතු මේ මස මැදදී ආරම්භ කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද හිතවාදී පාර්ශව ඉදිරි පළාත් පලන මැතිවරණයේ දී වෙනම සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් විමට සූදානම් වෙමින් පවතී. ඒ සදහා ශ්‍රීලනිප යේ පිරිසකගේ ද සහය හිමිවන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. ශ්‍රීලනිප බිම් මට්ටමේ සාමාජිකයන්ගේ ආකර්ෂණය තවමත් හිමිව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි.

Related posts

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

colombotoday

අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර…

colombotoday

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

colombotoday

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday