“මේ වෙසක් පොහොය සැමරීම අහිමිවී යන අවස්ථාවක යම් සැනසීමක් හෝ බෞද්ධයාට ලබාදීමට ඥානසාර හාමුදුරුවන් හන්සේ නිදහස් කරන හැටියට තමන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව” දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් පවසනවා.
ඊයෙ (4දා) පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි සුමංගල හිමියෝ මෙම අදහස් පළකර සිටියහ.