Colombo Today Local News

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

151018092727_devala_act_512x288_bbc_nocreditබුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් විහාර දේවාලගම් පනත සංශෝධනයේ දී තමන්ගේ අදහස් ද විමසා එකි සංශෝධන ක්‍රියාත්මක කරන්නැ’යි ලංකාවේ රජ සමයේ පටන් පැවත එන දේවාලවල රාජකාරි කරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.

1931දි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇති කරන ලද අංක 19 දරණ විහාර දේවාලගම් පනතින් පාරම්පරික රාජකාරි කරුවන් අමතක කර දමා ඇතැයි සමස්ත ලංකා ඓතිහාසික දේවාලවල පාරම්පරික නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අනුරාධ අදිකාරම් පවසයි.

එවැනි දේවාල තිස් දෙකක් ලංකාව පුරා පිහිටා ඇත.

කපු, මොහොට්ටාල, විදානෙ ලේකම්, කංකානම් වැනි තනතුරු මේ පාරම්පරික නිලධාරීන් බව සංගමයේ සභාපති ජයතිලක දේවගිරි පැහැදිලි කලේය.

විහාර දේවාලගම් පනත සෘජුවම තමන්ට බලපාන්නේ දේවාලවල පරිපාලනයන්, දෙවියන් ඇදහීමේ රාජකාරි කටයුතු ආදිය තමන් විසින් සිදු කරන නිසා බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ තත්වය හමුවේ තමන්ගෙන් විමසීමක් නොකර පනත සංශෝධනය නොකරන ඉල්ලීමක් කරන්න තීරණය කළ බවද ජයතිලක දේවගිරි සභාපතිවරයා සඳහන් කලේ ය.

තම අදහස් නොවිමසා කරන නව සංශෝධනයන් තුළ පාරම්පරිකව පැවත එන දේවාල නැත්තටම නැතිව අනුරාධපුර යුගයේ නටබුන් ලෙස අනාගත පරපුරට දකින්නට ඉඩ ඇති බවට සභාපතිවරයා බිය පළ කරයි.

ඒ නිසා මෙම විහාර දේවාලගම පනත සංශෝධනයේ විෂ්ණු නාථ ඇම්බැක්කේ ඇතුළු දේවාලවල ඇතුල් කට්ටලේ රාජකාරී කරුවන්ගේ අදහස් විමසීමකින් තොරව නොකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

Related posts

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්

colombotoday

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

colombotoday

හදිසි තත්ත්වයකට සූදානම්.. රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමුකෙර්…

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday