Colombo Today Local Newsfeatured

කාතන්කුඩියේ අත්භුත බෝම්බයක් පුපුරා යයි. l අයෙකුට බරපතලයි – Video

කාතන්කුඩි පොලිස් වසමේ ආරයම්පති තිරුනෙක්කේනි වසමේ වෙරළ තීරයේ අද්භූත වස්තුවක් වැටී තිබියදී සඳුදා (03) සවස එය පුපුරා යාමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව කාතන්කුඩි පොලිසිය පවසයි.

තිරුනීරුකේනි ප්‍රදේශයේ තරුණයින් 4 දෙනෙකු සිද්ධිය වූ දින මුහුදේ දිය නෑමට ගොස් එහි වෙරළට ගසාගෙන විත් තිබු අද්භූත වස්තුවක් අතපත ගෑමට ගොස් ඒ අතරතුර එය පුපුරායාමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මඩු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එම ප්‍රදේශය පරීක්‍ෂා කිරීමේදී එය සැහැල්ලු බෝම්බයක් බවට හඳුනාගෙන ඇති අතර එහි පිපිරී කැඩී බිඳී ගිය කොටස් සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කාතන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(කනගරාසා සරවනන්)

Related posts

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

නිල නිවාසවල ජල බිල්පත් මාස 2කින් නොගෙව්වොත් සැපයුම් අත්හිටුවන් කතානායක දැනුම් දෙයි

colombotoday