Colombo Today Local News

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මිලියන 880ට මොකද කරේ – මෛත්‍රීගෙන් කබීර්ට ලිපියක්

මහත් ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම මගින් රටට අහිමි වූ රු.මිලියන 880ක් පිළිබඳව විමසා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අමාත්‍ය කබීර් හෂීම් වෙත ලිපියක් යවා තිබේ.

කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිටියදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු රු.මිලියන 880ක් පර්පචුවල් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්දයෙන් අදාල අමාත්‍යවරයාට ඇති සම්බන්දය විමසමින් ගුණරත්න මහතා මෙම ලිපිය යොමු කිරීමට කටයුතු සිදුකොට තිබේ.

මීට අමතරව එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ක්‍රියා කල ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය එම තනතුරින් කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් එවකට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහගේ විරෝධය නොතකා ඉන් ඉවත්කොට ඇතැයිද මෙම ලිපිය මගින් ගුණරත්න මහතා අවධාරණය කොට තිබේ.තවද 1970 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 91 වගන්තිය යටතේ වන ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ක්‍රියාකොට ඇති බවද ගුණරත්න මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.තවද 2015.03.17 අදාල බැඳුම්කර ආයෝජනය සඳහා වන ගැසට් පත්‍රය පල කලේද කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී බවද වැඩි දුරටත් මෛත්‍රී ගුණරත්න මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

– unff media

Related posts

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිටිමට හොංකොං රාජ්‍යය පියවර ගනී

colombotoday

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday