BusinessColombo Today Local News

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සිදුකිරීම සඳහා උපරිම වශයෙන් අක්කර 5000 දක්වා ඉඩම් ලබාදිය හැකි බව. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත. ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ විදේශීය ආයෝජන සඳහා මෙවර අයවැයෙන් ඇතැම් නීතිරීති ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බවයි. ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගැනෙන රැකියා ජනනය කරන ව්‍යාපෘති සඳහා මෙහිදී වැඩි අවධානය යොමුවන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මීට පෙර විදේශ ආයෝජන සඳහා දැඩි බදු රීති පනවා තිබූ බවත්, අමාත්‍යවරයා පවසා ඇත. මෙවර අයවැය යෝජනාවලට අනුව විදේශිකයන්ට මෙරට ඉඩම් සඳහා සියයට සීයක බදු නොගෙවා ආයෝජන ව්‍යාපෘති ආරම්භ කළ හැකියි. ඔවුන්ට මෙරට ඉඩම් සින්නක්කර ලබාගැනීමේ හැකියාවක් නැහැ. එහෙත් සක්‍රීය ආයෝජන සඳහා අනූ නම වසරක බද්දට එලෙස ඉඩම් ලබාගත හැකි බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර ඇත.

විදේශීය ආයෝජන සැළකූ විට රජය විවිධ ක්‍ෂේත්‍රයන් හඳුනාගෙන තිබෙනවා. ඒ සෑම ක්‍ෂේත්‍රයක්ම ඇමරිකානු ඩොලර් මිලියන 2 ට වැඩි ශක්‍යතාවක් සහිත ක්‍ෂේත්‍රයන් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත. රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකළ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට එක්විය හැකිදැයි හින්දු මාධ්‍යවේදියා මෙහිදි මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කර ඇත. ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පවසා ඇත්තේ පෞද්ගලික යන්නෙන් දේශීය හා විදේශීය ආයෝජකයන් නිර්වචනය කෙරෙන අතර, පොදු ව්‍යාපෘති ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් සීමාවන බවයි.

Related posts

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

colombotoday

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

Admin

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday