ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා සුඩානය වෙත ගොස් සිටි හමුදා නිලධාරින් 79 දෙනෙකු අද (16)දින අලුයම දිවයිනට පැමිණි බව වාර්තාවේ.
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු, ජපානයේ සිට එක් අයෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
මීට අමතරව පාකිස්ථානයේ රැඳිසිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.