Colombo Today Local News

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු මහනුවර හන්තාන ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ පුද්ගලයා විසින් මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16)දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තවත් පුද්ගලයෙකු පසුගිය දා කඩුගන්නාව ප්‍රදේශයේදී ද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Related posts

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කලොත් වැඩ වරදී

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

කොරෝනා ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ තවත් හත්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin