කොව්ඩ්-19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට පැමිණ තිබේ.
ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 203 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ (03)දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
මේ අතර නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු ද, කත්මණ්ඩු නුවර සිට ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.
පැමිණි සියලුදෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කර ඇති අතර පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.