Colombo Today Local News

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

විදුලි බිල්පතේ සඳහන් වන ගාස්තු ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර, විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද (08)දින අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇත.

එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කරන ලද බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීමටත් බොහෝ විට ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර එම යෝජනා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වුවද ලබා දිය හැකි උපරිම සහනය මහජනතාවට රජය විසින් ලබා දෙන අතර කිසියම් පුද්ගලයෙක් දැනටමත් තමන් විසින් බිල්පත් වැඩිපුර මුදල් ගෙවා ඇත්නම් ඒවා ආපසු ලබා දීමට හෝ මීළඟ බිල්පතෙන් පියවීමට හෝ පියවර ගැනේ.

එමෙන්ම මාර්තු හා අප්‍රේල් මාස වෙනුවෙන් බිල්පත් සඳහා ගෙවීමට සහන කාලයක් ලබා දීමට ද යෝජිත අතර විදුලි බිල්පත් නොගෙවිම නිසා කිසිසේත් ම කිසිදු පුද්ගලයෙකුගේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

කෙසේ වුවද විදුලි මණ්ඩලය රාජ්‍ය ආයතනයක් බැවින්, ආයතනය අඩපණ නොවී පවත්වාගෙන යාමට තමන්ට ලැබෙන බිල්පතින් කිසියම් මුදලක් ගෙවීමට පියවර ගන්නා ලෙස තමන් විදුලි පාරිභොගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පවසයි.

අද (08)දින ඛනිජතෙල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය‍.

Related posts

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

මෙරට මුස්ලිම් ගැටළු ගැන සෞදි රජයට පැමිණිළි කරයි

colombotoday

මෛත්‍රීපාල මහින්ද එකතුව රටට යහපත් – අස්ගිරි මහනායක හිමි

colombotoday

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නැහැ

colombotoday

“පන්දමා, කේලමා, පිං ඇමතියා” තෙවරප්පෙරුම, මහින්ද සමරසිංහට තිත්ත කතාවෙන් අමතයි

colombotoday