විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදී තිබෙනවා.
මෙම යෙදුම සී ඊ බී කෙයා ලෙසයි එම යෙදවුම නම්කර ඇත්තේ.
මේ ඔස්සේ විදුලි බිල්පත් ගෙවීම්, විදුලි කප්පාදු පිළිබඳ දැනුම්දීම්, පැමිණිළි ආදී අංශ රැසක් පිළිබඳව සේවා ලබාගත හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.
දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳ වැටීමක් බලධාරින්ට ක්ෂණිකව දැනුම්දීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා. එමෙන්ම වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙහි අරමුණ වනවා.