Colombo Today Local News

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවරදි නැවතත් ස්වයං වර්නනාවක් කර ගෙන ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එසේම මේ ආකාරයෙන්ම පසුගිය මාර්තු 28 වෙනිදාද කොළඹ පැවති උත්සවයකදි ජනාධිපතිවරයා පවසා සිටියේ එක්සත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්බන්ධයෙන් තමන්ට පැසසුම් සිදු කළ බවයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි මුළ සිටම මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම පිළිබඳව අපගේ විරෝධය පළ කර අතරම එමගින් අනාගතයේදි මාධ්‍ය නිදහස ඇතුළුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට විය හැකි බලපෑම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළෙමු.

ඒ අනුව ආණ්ඩුවේම වරප්‍රසාද ලබන කණ්ඩායම් යොදවා ගනිමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා ජාතිවාදය ඇවිස්සීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කල බවට අනාවරණය වි තිබියදී සමාජ ජාලාසහ වෙබ් අඩවි හරහා එය සිදුවන බවට දිගින් දිගටම විවෘත ප්‍රකාශයන් කිරිම තුළින් ආණ්ඩුව උත්සහ දරන්නේ තම නොහැකියාව පිළිබිඹුවන කවර හෝ අවස්ථාවක සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට අවශ්‍ය මාර්ගය සකස් කිරිම නොවේනම් වෙන අන් කවරක්ද? යන සාධාරණ සැකය වඩාත් ත්‍රීව ලෙස අපට ඇති වෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මේ යහපාලනය ආණ්ඩුවෙන් මේ අවස්ථාවේදි අපි විමසා සිටින්නේ පසුගිය වසර තුන තුළ ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ ඇතුලු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ලක් කළේ එම වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සු නිසා ද යන්නයි. එමෙන්ම ම අවහිර කිරිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන හෝ ලංකාවේ හණමිටි අදහස් දරණ ආණ්ඩුවට සහය දෙන්නන් ආණ්ඩුව පැසසුමට ලක්කර තිබේද? යනුවෙන්ද අපි විමසා සිටිමට කැමැත්තෙමු.

ජනාධිපතිතුමනි, ඔබ සමීපයේ සිටිමින් ඔබට වන්දිභට්ටකම් කරන පිරිස ඔවුන්ගේ අසමත්කම් වසා ගැනීමට ඔබව නොමඟ යවමින් සිටින බව රටක ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබ කරන මෙවන් පදනම් විරහිත ප්‍රකාශයන් හරහා පැහැදිළි වන බව පැවසිය යුතුමය. එසේම මෙවන් අඳබාල වන්දිභට්ටයන් ඉතිහාසය පුරාවටම රට හා රාජ්‍ය පාලකයන් නොමග යැවිමට කටයුතු කල බවට සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප සතු වේ.

මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම ගැන බොහෝ විදේශීය ආයතනයන්ගෙන් ප්‍රසංශාව හිමි වූ බවට ජනාධිපතිවරයා විවිධ තැන්වල ප්‍රකාශයන් කිරිම හරහා තහවුරු කරමින් සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට හදිසි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ නිර්වචනය වන “ජාතිවාදී ගැටුමක්” නිර්මාණය කිරිම හරහා සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට පියවර ගැනිම නොවේද?

එම නිසා මේ අවස්ථාවේ අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවටම අභියෝග කරමින් කියා සිටින්නේ සමාජ ජාල සහ වෙබ් අඩවි තහනම් කිරිම හෝ අවහිර කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන ගෝත්‍රික නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හෝ ජාත්‍යන්තර සංවිධාන සිය නිලමතය ප්‍රකාශ කර තිබේනම් සාක්ෂි සහිතව වහාම එය රටේ ජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරන ලෙසයි.

එසේ නොමැතිව වන්දිභට්ටයන්ගේ රැවටිලිකාර අසත්‍ය තොරතුරු මත පදනම්ව විවිධ ප්‍රකාශයන් නිකුත් කිරිම රටක ජනාධිපතිවරයෙකුට කිසිසේත්ම උචිත නොවන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මතය බවද තරයේ අවධාරණය කර සිටිමු.

දුමිදු දිසානායක
කැඳවුම්කරු
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

Related posts

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

colombotoday

ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය

colombotoday

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday