Colombo Today Local News

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

වීදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ විදුලි හිඟයට මුහුණදීම සඳහා අනුගමණය කලයුතු කරුණු කිහිපයකින් සමන්විතව යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

එම යෝජනාව අනුව 
ඉදිරි මාස 3ක කාළය තුළ සියලුම නිවෙස්වල විදුළි පහන් දෙකක් නිවා දැමීම

1.රාජ්‍ය ආයතන ආගමික සහ වානිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10කින් අඩු කිරීම

2.අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම

3.සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවා දමන වේලාවට පැයකට පෙර සියලුම වීදි පහන් නිවා දැමීම

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පවත්නා විදුලි පරිභෝජනයට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනය අභියෝගයක් වී ඇති බවයි.

ඒ අනුව විදුලිබල නිෂ්පාදනය යථාතත්වයට පත්කරන තෙක් විදුළිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මහජනතාව සහ ආයතන දැනුවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරිම පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙනවා.

ඔහු කියා සිටියේ සාම්පුර් විදුලි බලාගාරය ඉදිනොකිරිමට රජය ගත් තිරණයේ ප්‍රතිවිපාක මේ වනවිට අත්විදිමින් සිටින බවයි.

මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් ඊයේ දිනයට සාපේකෂව සියයට 7 කින් අඩු වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරනවා.

ඊයේ දිනයේදී සියයට 37ක්ව පැවැති ජලාශ වල ජල මට්ටම් අද වනවිට සියයට 30 දක්වා අඩු වී ඇති බව සඳහන්.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලද ජල මට්ටම් අද වන විට අඩි 50 දක්වා පහළ බැස තිබෙනවා.

එම නිසා ජලාශ වල දුපත් රැසක් ද මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලි කප්පාදුව මෙරට ආර්ථික වර්ධනය කෙරෙහි අයහපත් අන්දමින් බලපානු ඇති බවයි බලශක්ති විශේඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියේ.

රථවාහන මාර්ග ආලෝක සංඥා ද විදුලි කප්පාදුව සිදුවන කාලසිමාවේදී ක්‍රියාත්මක නොවන බව පොලිසීය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වලට අමතර රථවාහන අංශයේ නිළධාරින් රාජකාරියේ යෙදවිමට සිදුව ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කළේ.L

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

colombotoday

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

ඉන්දියාවේ තෑග්ග කටුනායක ගුවන් හමුදා කදවුරට

colombotoday

සජිත්ට එජාපය දුන්නොත් කරන දෙයක් ගැන හර්ෂන කියයි

Admin