වැලිසර ප්‍රධාන නාවික හමුදා කදවුරේ ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සියලුම ආසාදිතයන් හඳුනා ගැනීමට තවත් මාසයකට ආසන්න කාලයක් ගත වනු ඇති බව ද දැනට හුදෙකලා කර ඇති වැලිසර නාවික හමුදා ප්‍රධාන කඳවුර නැවත විවෘත කිරීම ද ඒ අනුව සිදුවන නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසිය.
දැනට කඳවුරේ පවතින කොරෝනා පොකුරේ ක්‍රියාකාරීත්වය හීනවෙමින් ඇති බවද පැවසූ ඔහු සැකකටයුතු පිරිස් නැවත නැවතත් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන බවත් නාවික හමුදා කඳවුරේ ආසාදිතයන් බිංදුව දක්වා ගෙනයාමට දිවා රෑ නොබලා කටයුතු කරන බවයි වැඩි දුරටත් සඳහන් කළේ.