World

වසර 45කට පසු ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්

දේශසීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස තම භූමියට පැමිණ, මුර සංචාරයේ යෙදෙමින් සිටි භට කණ්ඩායමකට ඉන්දීය භටයින් විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට චීනය චෝදනා කරයි.

ඊට ප්‍රතිචාර දැක්වීමට චීන භටයින් ක්‍රියාකළ බව චීන හමුදා ප්‍රකාශකයෙක් පැවසීය. ඔවුන් කළේ කුමක්ද යන්න ඔහු පවසා නැත.

එහිදී වෙඩි තැබීමක් සිදුවී ඇත්නම්, වසර 45ක් තුළ එවැන්නක් සිදුවූ ප්‍රථම අවස්ථාව එය වනු ඇත. එසේම එමගින් දෙරට අතර දේශසීමාවේ ගිනි අවි භාවිත නොකිරීමට ඇති එකඟතාවය බිඳී යනු ඇත.

පසුගිය මාස කිහිපය තුළදී දෙරට අතර ඇති සබඳතා ක්‍රමයෙන් පිරිහෙනු දැකිය හැකි වූ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

colombotoday

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin