Colombo Today Local NewsCovid 19

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කළ  පුද්ගලයෙකුගේ 88 හැවිරිදි මවට, 51 හැවිරිදි බිරිඳට සහ 23 හැවිරිදි දියණියටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
 
මෙම පුද්ගලයා පෙබරවාරි මාසයේ ඉතාලියේ සිට පැමිණ ඇති බවද ඒ මහතා කීය.
 
ජාඇල කපාලකන්ද ප්‍රදේශයේ පදිංචි 64 හැවිරදි පුද්ගලයෙකුද කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
 
මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි පිරිසක් සමඟ ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඒ මහතා පැවසීය.
 
කොරෝනා වයිරසය ආසාදනය වූ  පුද්ගලයන් සියලු දෙනාම ප‍්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බවත් ඔවුන්ගේ පවුල් වල සමාජිකයන් දෛනික පරීක්ෂාවට ලක් කරන බවත් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

Related posts

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ඩිෆෙන්ඩරයක් සොයා පොලීසියේ 50ක් වෙල්ගමගේ වත්ත පීරයි.. හිස් අතින් ආපසු යයි !

colombotoday

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday