Colombo Today Local News

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

පොලොන්නරුවේ පිහිටුවන වකුගඩු රෝහල චීන ජනාධිපතිවරයාගෙන් තමන්ට ලැබුණු ත්‍යාගයක් බවත් එහි රැකියා ලබාදීමෙන් දේශපාලන වාසි ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 

“දැන් මම ගෙනල්ලා චීන ජනාධිපතිතුමා මට දුන්න තෑග්ග වකුගඩු රෝහල. ඒකෙ රක්ෂා ගැනත් ඉල්ලුම්පත්‍ර පහුගිය කාලෙ ගත්තා කියලා මට ආරංචියි. ඉතිං වකුගඩු රෝහල මම ගෙනාපු එක, මම හදපු එක, මට ලැබිච්ච තෑග්ග. ඒකෙ කාටවත් බිත්තර දාන්න මම දෙන්නෙ නෑ ! 

මම තමයි ඒකෙ ඒ වැඩ ටික කරන්නෙ. සාමාන්‍යයෙන් අනුන් හදපු වෙන කූඩුවල වෙන අය බිත්තර දාන්න එහෙ මෙහෙ දඟළනවා. බිත්තර දාගන්න බැරි අය. ඉතිං වෙන කතන්දරයක් ඒක” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. 

Related posts

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

ඩොලරයේ අද මිල

colombotoday

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ වාර්තාගත අලෙවියක්.. දිනපතා මුද්‍රණයේ.. අත්සන ගන්න මහ දිගු පෝලිම්

colombotoday