Colombo Today Local News

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව පෑලියගොඩ පොලිස් වසමේ නවනුගේ පිහිටි මෙම ගබඩාව ඊයේ (26) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම සීනි තොගය සොයාගෙන ඇත.

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකර තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41,48 පසුවන පුද්ගලයන්ව බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.

Related posts

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

colombotoday

හිටපු ජනපති අනාරක්ෂිත කිරීමට එරෙහිව මිනුවන්ගොඩදී විරෝධතා

colombotoday