Colombo Today Local News

වංචනික ක්‍රියා අපිට දන්වන්න – ඇමති රිෂාඩ් බදුර්දීන්

සහල් තොග සඟවා තබා ගැනීම, රජය නියම කළ පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම සහ රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම ආදී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1977 අංකයට දැනුම් දෙන ලෙස කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහත පවසයි.

එම දුරකථන අංකය පෙරවරු 7 සිට රාත්‍රී 10 දක්වා විවෘත බවත් ඔහු කීවේය.
දැනට මිල නියම කර ඇති පරිදි ආනයනික නාඩු කිලෝවක් රුපියල් 72, දේශීය නාඩු රුපියල් 80, ආනයනික කැකුළු රුපියල් 70, දේශීය කැකුළු රුපියල් 78, ආනයනික සම්බා රුපියල් 80 හා දේශීය සම්බා රුපියල් 90 යන පාලන මිලට පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසීය.

Related posts

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

“ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා“ – විග්නේෂ්වරන්ගෙන් සහතිකයක්

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin