Colombo Today Local News

ලෝකයේම මහ ජාතිය අපි මුස්ලිම් ජනතාව ගැන තීරණ ගැනීමට මෛති‍්‍රට, රනිල්ට, මහින්දට හෝ වෙන කෙනෙකුට බෑ

ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්්බුල්ලා මහතා පැවසීය.

ඒ මහතා එසේ අදහස් පළ කර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. හය මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්. බදුල්ල – චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිiාලයට කෝටි 200 ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% ක ට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා. එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇති වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.

Related posts

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

Admin

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

colombotoday

අටළුගම ෆාතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් 10ක් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday